පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නො ම වෙති දුහද
දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ
සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ
වයස අවුරුදු 10ට අඩු දුවා දරුවන් උදෙසා සදහම් එකතුව
06 වසරේ සිට 13 වසර දක්වා දුවා දරුවන් උදෙසා වූ දහම් එකතුව
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ එම දරුවන්ගේ පවුල් උදෙසා සිදු කරන විශේෂ වැඩසටහන් මාලාව.